Tuesday, July 17, 2012

The Shawshank Redemption


Title        : The Shawshank Redemption
Directior    : Frank Darabont
Actors       : Tim Robbins, Morgan Freeman
Runtime      : 142 minutes
Category     : Crime, Drama

                       






තම බිරිඳගේ සහ ඇය සමග සිටි තවත් පුද්ගලයකු කෲර ලෙස ඝාතනය කිරීමේ වරදට ඇන්ඩි ඩුෆ්‍රේන් (Tim Robbins) ජීවිතන්තය දක්වා සිර දඬුවමකට යටත් ලරනු ලබයි. අති දක්ෂ හා ඉතා උපායශීලී බැංකු කරුවෙකු වන ඇන්ඩි ස්වභාවයෙන්ම ඉතා නිහඬ සහ තැනපත් චරිතයකි.New England ප්‍රාන්තයේ Shawshank සිරකඳවුර වෙත යවෙන ඇන්ඩි මුහුණ් දෙන්නේ අමුතුම ලොවකටය. වංචාව, දූශණය මැරකම් හා අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නා නිලධාරීන්, සිරකරුවන් සහ නොයෙකුත් පිරිස් සමග තැලීම් පොඩිවීම් හා හැලහැප්පීම් වලට ලක් වෙන ඔහු අවසානයේදී කිසිවෙකු නොසිතූ නොපැතූ ආකාරයට Shawshank සිරගෙදරින් පැනයන්නේ තමාට අසාධාරණකම් කළ සියල්ලන්ටම නිසි දඬුවම් ලබා දෙමිනි.
 "Get busy living or get busy dying"

Tim Robbins
"Andy"
Morgan Freeman
"Red"
සිරකඳවුරක ජීවිතය, එහි සිටින්නවූ විවිධ චරිත හා සිරගෙදර ජීවිතයට ඇබ්බැහි වීමෙන් අනතුරුව බාහිර ලෝකයට පිවිසීමට සිරකරුවන් අසමත් වන ආකාරය ආදී විවිධ ගැටළු පිළිබන්දව ප්‍රේක්ෂකයාගේ අවධානය යොමු කරවන Shawshank Redemption චිත්‍රපටයේ දෙවන ප්‍රධාන චරිතය, "Red" නිරූපනය කිරීමට සම්මනලාභී නළුවකු වන Morgan Freeman ගේ අති දක්ෂ රංගනය දායක කරගෙන ඇත. රෙඩ් සහ ඇන්ඩි සිරගෙදරදී ජීවිතයේ සබෑ අරුත වටහගන්නා ආකාරය ඉතා අලංකාර ලෙස නිරූපනය කර ඇත. Shawshank Redemption, නොසිතන ආකාරයේ අවසානයක් බලාපොරොත්තුවෙන් චිත්‍රපට නරඹන්නන් සඳහා විශේෂයෙන් සුදුසු ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයකි.







Monday, July 16, 2012

Sahara

Title        : Sahara
Directior    : Clive Cussler
Actors       : Matthew McConaughey,Steve Zhan, Penelope Cruz
Runtime      : 124 minutes
Category     : Action, Adventure, Comedy


දෙවන ලෝක යුද්ධයේදී ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත ඇමරිකානු රන් කාසි රාශියක් රැගත් USS TEXAS නම් නෞකාව හදිසි සතුරු ප්‍රහාරයකට ලක් වේ. නැවෙහි නියමුවා සිය පිරිස සහ රන් කාසි ආරක්ෂා කරගනීමේ පරමාර්ථයෙන් නෞකාව ඈත මුහුදට යාත්‍ර කරවයි. ඉන්පසු ඔවුන් සදහටම අතුරුදහන්වී යයි............



Matthew McConaughey,Steve Zhan, Penelope Cruz
Matthew McConaughey
"Dirk"
Steve Zhan
"Al"
Dirk Pitt සහ Al Geordino යනු NUMA නම් නිධන් වස්තු සහ ඓතිහාසික පුරාවස්තු ගවේශක සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකි. ඩර්ක් සහ ඇල් කුඩා කල සිටම මිතුරන් වන අතර කථාවෙහි ප්‍රධාන චරිතය වන ඩර්ක් දෙවන ලෝක යුද්ධ සමයේ අතුරුදහන් වූ Texas නෞකාව සෙවීමට සිය ජීවිතයම වෙහෙසුණු අයෙකි. හදිස්සියේ ඩර්ක් හට මුණගැසෙන ලෝක සෞඛ්‍ය සංවිදානයේ වෛද්‍ය Eva Rojas අප්‍රිකාව පුරා විසිරෙන භයානක හා අභිරහස් රෝගයක් පිලිබඳ පර්යේශන මෙහෙයවයි. ඩර්ක් තම සිහිනය වූ Texas සොයා යන ගමනට ඔහුගේ කලණ මිතුරා වන ඇල් සහ වෛද්‍ය ඒවාද එක් වෙති.

 නෞකාව සහ රෝග මූලය සොයා බටහිර අප්‍රිකාවේ "මාලි" හිදී වෙන්වී යන ඩර්ක් සහ වෛද්‍ය කණ්ඩායමට මුහුණදීමට සිදු වන්නේ කිසිසේත් නොසිතූ සිදුවීම් රැසකටය. මාලිහි හමුදා පාලක කසීම්, ව්‍යාපාරික ඊව් මසාර්ඩ් සමග එක් වී නීති විරෝධී රසායනික අපද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යන බවත් එයින් පැතිරෙන විශ වර්ග නිසා අප්‍රිකාව පුරා අභිරහස් රෝගය පතිරෙන බවත් ඔවුන් සොයා ගනිති. ඔවුන්ගේ මෙම නීති විරොඅධී ක්‍රියාකාරකම් නැවත්වීමට සටන් කිරීමට සිදුවන්නේ ඩර්ක්, ඇල් සහ ඒවා අතුලු පිරිසටයි. දියේ සහ ගොඩබිම මෙන්ම කාන්තාරයේදී බෝට්ටු, මෝටර් රථ, ගුවන් යානා සහ හෙලිකොප්ටර භාවිතයෙන් කෙරෙන අමුතුම ආකාරයේ සටන් ජවනිකා වලින් සමන්විත Sahara චිත්‍රපටය, නැරඹීමට පටන් ගත් මොහොතේ සිට එකදිගට නරඹා රසවිඳිය හැකි අගනා චිත්‍රපටයකි.










හොඳ ෆිල්ම්ස්


හොඳ චිත්‍රපට සියල්ල අලුත් ඒවා වුවත් අලුත් චිත්‍රපට සියල්ල හොඳ ඒවා වීමට නොහැකිය.අලුතෙන් පමිණෙන සියලුම චිත්‍රපට නැරඹීමට යාමෙන් ඔබේ කාලයත් සමහරවිට මුදලුත් අපතේ යා හැකිය.
අප බොහොමයක් දෙනා පුරුදු වී සිටින්නේ අලුතෙන් නිකුත් වන ෆිල්ම්ස් හැකි ඉක්මනින් නිවසට ගෙනවිත් නැරඹීමටය. මෙහිදී බොහෝ දෙනා එක් සරල දෙයක් අමතක කරනු ලබයි. එනම් කෙතරම් කල් ගත වුවත් චිත්‍රපට කල් ඉකුත් වන්නේ වත් දිරා යන්නේ වත් නැති බවත්ය.
වෙලඳපල තුල මිලට ගැනීමට ඇති බොහෝ DVD වල ඉතා බාල දෘශ්‍ය ප්‍රමිතිය (Video quality) හා ඉතා දුර්වල ශබ්ද ප්‍රමිතිය (Audio Quality) සැබැවින්ම ගෙවන මිලට හෝ වැය කරන කාලයට සමාන වටිනාකමක් ලබා නොදෙන බව නම් කිව හැකිය. එබැවින් අලුතෙන් එන සියලුම films දොරට වැඩි සැනින්ම සොයා ගොස් නැරඹීම සැබවින්ම ප්‍රතිඵල රහිත ක්‍රියවකි.
සාමන්‍යයෙන් film එකක්  release වී අවම වශයෙන් VCD ප්‍රමිතියේ පිටපතක් වත් අන්තර්ජාලයේ දක්නට ලැබීමට මාසයක් හෝ බොහෝ විට ඊට වඩා වැඩි කාලයක් ගත වේ. චිත්‍රපටය නිකුත් වූ සැනින්ම ප්‍රමිතියෙන් අඩු Camera Copy නැරඹීමට වඩා ටික කාලයක ඉවසීමෙන් පසුව හොඳම quality පිටපතක් නැරඹීම සැබවින්ම නුවණට හුරු ක්‍රියවකි. මෙමගින් ඔබට චිත්‍රපටය උපරිමයෙන් රසවිඳ, පූර්ණ තෘප්තියක්ද ලබා ගනීමට යැකි බව සහතිකය.
එහෙත් අලුත් චිත්‍රපටයක් නිකුත් වී මාසයක් හෝ දෙකක් හොඳ quality copyක් ලැබෙන තෙක් කරන්නේ කුමක්ද? මා බොහෝ දෙනාට ඉහත "දේශනය" ලබා දුන් විට එකවරම මා වෙත යොමු වන පැනය එයයි. මෙම වෙබ් පිටුව නිර්මාණය කිරීමට මා තීරණය කළේ බොහෝ දෙනාට නැගෙන ඉහත පැනයට පිළිතුරක් ලබා දීමටය.
අලුත් අලුත් චිත්‍රපට සොයා ඔබ දුවන විට ඔබට මග හැරුනු ඉතා විශිෂ්ඨ චිත්‍රපට ඇති විශල ප්‍රමාණයක් අති බව බොහෝ විට ඔබ නොදන්නවා විය හැකි බව මාගේ මතයයි. එබවින් ඔබට මග හැරෙන්නට ඇති, නැරඹිය යුතු සියලුම වර්ග වලට (Action,Animation,Comedy,Romantic,Thrillers,Family,Horror) අයත් English චිත්‍රපට පිලිබඳව මෙතන් සිට තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු..............